Wednesday, March 26, 2014

නොමිලේ Mouse Pad ( මවුස් පෑඩ් ) එකක් ගෙදරට ම ගෙන්න ගමු... !!

අද කියන්න යන එක ගැන නම් සමහරවිට යාලුවෝ දන්නවත් ඇති. එත් නොදන්න අයටයි මම අද මේ කියලා දෙන්න හදන්නේ. අද කියන්න යන්නේ නොමිලේම Mouse Pad ( මවුස් පෑඩ් ) එකක් අපේ ගෙදරටම ගෙන්න

ගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැනයි. අද කාලේ ඉන්න කිරි බොන පොඩි එකත් දන්නවා මවුස් පෑඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතිං මවුස් පෑඩ්එකක් කියන්නේ මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනයැ..

මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න එපා. නොමිලේ දෙනවා කිව්වොත්, කස්ටිය කඩු පාරක් උනත් කන්න ලෑස්තියි කියලා මම දන්නවා.

බොරු ඕන නෑ, මමත් දැන් මවුස් පෑඩ් 2 ක්ම ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න ගෙන බලන්නකෝ. දැන් මේක බොරුවක් කියලා හිතෙන අයට, මම මේක ඇත්තක් කියලා ඔප්පු කරන්නම්.

මෙන්න මේ යට තියෙන්නේ මම ගෙන්න ගත්ත මවුස් පෑඩ් එක.

 දැන් කස්ටියට එහෙනම් මේක විස්වාසයිනේ....

හරි හරි දැන් අපි post එක පැත්තට යමුකෝ.... කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

මේ විදියට ගෙදරටම මවුස් පෑඩ් එකක් ගෙන්න ගන්න අපිට උදවු වෙන්නේ TomTop කියලා වෙබ් සයිට් එකක්. අපි මේකට ගිහින් Register උනාම අපිට Points 70ක් හම්බ වෙනවා. ඒ Point අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා ඉදිරි පියවරකදි මම විස්තර කරනවා.



දැන් බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා.



හරි ඉස්සෙල්ලම මෙන්න මේ TomTop වෙබ් සයිට් එකට ගිහින් Register Click කරන්න. ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න ) ඔන්න පහළ පින්තුරයෙත් තියෙනවා.



Register ක්ලික් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් එනවා, එතන පුරවන්න තියන ඒවා ටික පුරවන්න. මෙතැනදී ඔයාලගේ නම අහනවා.ඒකට තමන්ගේ ඇත්ත නම දෙන්න. එහෙම නැත්නම් එතන තියන Sign In With කියන තැනින් ඔයාලගේ FB , Twitter , Google+ වගේ ගිණුමකින් Log වෙන්න.



මේ පහල පින්තූරයේ තියෙන විදියට, Sign Up for Newsletter කියන ඒකටත් මතක ඇතුව Tick එකක් දාන්න. ඒක දැම්මේ නැත්තම් අපිට points 50ක් විතරයි ලැබෙන්නේ.




 දැන් , ඒ සියල්ලම හරියට සම්පුර්ණ කරලා Submit කරාම මෙන්න මේ වගේ එකක් එයි.



ඊලගට ආයෙත් TomTop සයිට් එකේ Home Button එක ක්ලික් කරන්න. ඒක තියෙන්නේ වම අත පැත්තේ උඩම...Home Page එකට ආපුවම ඔයාලට පෙනෙයි See All Categories Menu එකට ට්කක් යටින්  FREE GIFT කියලා තැනක්. ඒක Click කරන්න.



ඒක ක්ලික් කරාම අලුත් Tab එකකින් මේ Page එක එයි. ඒකෙදි ඒකෙ තියන Add To Cart කියන එක Click කරන්න. ඔයාල Click කරපු ගමන් ම View Shopping Cart කියලා 1ක් පහළට ඒවි. දැන් ඒක

Click කරන්න.

ඊලගට එන Page එක ගොඩක් වැදගත්. මම කිව්වනේ මේ සයිට් එකේ Register වෙනවට අපිට Points 70ක් හම්බ වෙනවා කියලා. දැන් තමයි ඒ Point ටික අපි ප්‍රයෝජනයට ගන්නේ. හරි දැන් ඇවිල්ලා තියන Page එකේ තියනවා Tomtop Points කියලා තැනක්. එතෙන්ට මතක ඇතුව 70 කියල දාලා Apply Points කියන එක ක්ලික් කරන්න. මේක නොකළොත් අපිට මවුස් පෑඩ් එක ගෙන්න ගන්න ලැබෙන්නේ නෑ.



Point 70 කියල දාලා,  Apply කරාට පස්සේ මෙන්න මේ Page එක එනවා. ඒකේදි Proceed To Checkout Click කරන්න.



ඊලගට එන්නේ අපිට මේ Billing Information Form එක. ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න. ඇත්තම කියනවා නම් මේක තමයි වඩාත් ම සැලකිල්ලෙන් පුරවන්න ඕන. ගෙදර ලිපිනය එහෙම දෙපාරක් තුන්පාරක් ම බලන්න. නැත්නම් වෙන ගෙවල් වලට යාවි. මෙතැනිදී ඔයාලගේ නමට, ඇත්තම නම දෙන්නත් මතක තියාගන්න. ඔන්න පිනතුරයකුත් තියෙනවා.

 Postal Code එක  අනිවර්යෙන් දාන්න ඔනේ....එ කියන්නේ ඔයා අයිති Post Office එකේ Code එක.  එක ගන්න ඒ හැටි දගලන්න ඔනේ නැ....

ඔනන මම පොඩි ලින්කුවක් දැම්මා..එකෙන් Postal Code එක ගන්නකෝ


ඊලගට තියෙන්නේ Shipping Method එක තෝරන්න. ඒකට ඔය පහළ පින්තූරයේ තියන එව්වා ටිකත් ඒ විදිහටම තෝරලා Continue Click කරන්න.



දැන් අපිට එන Payment Information එකෙන් Pay with points තෝරලා Continue Click කරන්න


ඊලගට එන Order Review එකෙන් Place Order Click කරන්න.

 ඇති යාන්තම් ඔක්කොම ටික කරලා ඉවරයි. වැඩේ ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි........



දැන් ඔයාල අර පුරවපු Form වලට දීපු E-Mail එකට Mail එකක් එන්න ඕනේ අපේ Order එක Shipped කරා කියලා. මේ Mail එක එන්න සමහර විට දවස් 2ක් 3ක් විතර යන්නත් පුලුවන්. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න එපා. මෙන්න තියනවා එන Mail එක...... මේ තියෙන්නේ මට ආපු mail එක.





























මේකේ කියලා තියෙන්නේ නම්, 2014-03-20 වෙනිදා තමයි මගේ මවුස් පෑඩ් එක නැව් ගත කරලා තියෙන්නේ.



අන්තිම වශයෙන් තව එක දෙයක් කියන්න ඕන. කාට හරි කෙනෙක්ට ඕන නම් මවුස් පෑඩ් 2ක් 3ක් විතර ගෙන්න ගන්න, එක මවුස් පෑඩ් එකකට එක account එක ගානේ හදන්න වෙනවා. එතකොට තමන්ගේ නම, ලිපිනය වගේ ඒවා හැම account එකටම නිවැරදි ව දෙන්න. හැම account එකේම එකම විස්තර තිබුනට අවුලක් නෑ. ඒත් එක account එක ගානේ email නම් ඕන වෙනවා. එක email එකකින් හදන්න පුළුවන් එක account එකක් විතරයි.. !!



දැන් එහෙනම් ඔන්න වැඩේ හරිනේ.....  වැඩේ කොහොමද කියල Comment පාරකුත් දාලම යන්න හොදේ.... නැත්තම් ඉතින් හරි නෑනේ !! කස්ටියට, අවුලක් තියෙනවා නම් ඒත් Comment කරන්න..

Related Posts:

  • Gold plated Vibrator ලෝකේ වටිනාම වයිබ්රෙටරය  ලෝකේ වටිනාම වයිබ්රෙටරය.... .  මේ තියෙන්නේ ලෝකේ වටිනාම වයිබ්රෙටරය( ගෑනුන්ට තමයි ඉතින් මේක හදල තියෙන්නේ).මේක කෑරට් 18 රන් අලේප කරලා තියෙන්නේ. වටිනාකම 1000 ඩොලර් කියල තමයි කියන්නේ.අය්යෝ සල්ලි. අපි කට හරි… Read More
  • Hyper-realistic Japanese Dolls කොල්ලනේ දැන් කෙල්ලො පස්සේ ගිය කාලේ  ඉවරයි...... ජපානයේ අලුතින් නිපදවා ඇති අතිශය ගැහැනුන්ට සමාන බෝනිකන් ඩොලර් 6500 වැනි ඉතා වටිනාකමකින් යුත් මිලකට මිලදී ගැනීමට ජපන් මිනිසුන් දහස් ගණනක් පෙළබි සිටිනවා. Orient Indus… Read More
  • අද පාඩම Dropbox...... Dropbox යනු  අපිට අන්තර්ජාලය තුළ අපගේ දත්ත රදවා තැබීම සදහා නිර්මාණය කර ඇති අන්කර්ජාල මෙමරියක් අපි අපේ ලිපි ගොනු පෙන් එකක තියගෙන පාවිච්චි කරනව වගේ තමයි Dropbox හරහාත් අපිට අවශ්‍ය ගොනු Dropbox අඩවියේ ගිණුමක් තුළ… Read More
  • Torrent File එකක් IDM හරහා Direct ම ඇදගන්න පුලුවන් ක්‍රමයක් ඔන්න මචන්ලා අරගෙන ආවා Torrent File එකක් IDM හරහා Direct ම ඇදගන්න පුලුවන් තවත් අලුත්ම සයිට් එකක්. මේක හරහා Document , Music , Videos , Photos වගේ ඕනෑම එකක් Share කරන්නත් පුලුවන්. මේකේ Acc එකක් ලේසියෙන්ම FB හෝ GMail එකක් හරහා… Read More
  • දෙමු Web Site එකකට sql injection පාරක්....    අද මම ඔයලට කියල දෙන්න යන්නෙ කොහොමද වෙබ් අඩවියක් හැක් කරන්නෙ කියල.... මෙවා ඉතින් වැදගත් වෙන්නේ Hacking කරන උන්ට තමයි...අපි බලමු මොකද්ද මේ sql injection  කියන්නේ කියලා මෙන්න මේකයි කතන්දරේ... … Read More

1 comment: